Saturday, May 17, 2014

ඕනෑමHuawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන හැටි***Unlock any Huawei HSDPA USB modem

ඕනෑමHuawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන හැටි***Unlock any Huawei HSDPA USB modem


හරි,මම මේක දාන්න හිතුවෙ හුඟක් අය මේ ගැන දන්නෙ නැති හින්දා.සමහර අය සොෆ්ට්වෙයා වලින් අන්ලොක් කරන්න හදනවා.සමහර අය මුදල් නාස්ති කරලා කඩවලට ගිහින් ඒවායෙන් අන්ලොක් කරනවා.ඉතින් මේ කිසිම දෙයක් නැතුව නොමිලේම අන්ලොක් කරන හැටි අද බලමු.



මේක හුඟක් ලේසියි.එහෙනම් පහළ පියවර ටික අනුගමනය කරන්න.


මුලින්ම Modem එකේ IMEI නම්බර් එක හොයාගන්න.ඒක මොඩම් එකේ කවරයේ හෝ මොඩම් එකේ ගහල ඇති.අනිවාර්යයෙන්ම තියෙනවා.

ඊට පස්සෙ මෙන්න මේකට යන්න.
http://bb5.at/huawei.php?imei=ඔබේ IMEI නම්බර් එක
ඔබේ IMEI නම්බර් එක කියන තැනට ඔයාලා හොයාගත්ත IMEI නම්බර් එක දෙන්න.


දැන් ඔන්න නම්බර් එකක් වැටෙයි.දැන් ඒක කොපි කරගන්න.


ඊට පස්සෙ මොඩම් එක ගලවල ලොක් කරල තියෙන ජාලයක සිම් එකක් දාන්න.එතකොට ඔයාලගෙන් අංකයක් අහයි.එතනට අර කොපි කරගත්ත අංකෙ පේස්ට් කරල OK කරන්න(එතන තියෙන්නෙ OK කියලද වෙන මොකක් හරිද කියල හරියට මතක නැහැ.)


දැන් ඔයාගෙ මොඩම් එක අන්ලොක් කරල ඉවරයි.


ඉතින් මේ වැඩෙන් නම් මොඩම් එකේ Gurantee හා Warantee නැතුව යනවා.(ඒවාට මම වගකියන්නේ නැහැ)


මේක ඔයාලට වැදගත් වුනානම් Like එකක් දාන්න.ඉතින් ඔයාලගෙ අදහසුත් දාලා යනවනම් මම කැමතියි.එහෙනම් ඔයාලට සුභ දවසක්.

0 comments:

Post a Comment