Sunday, March 17, 2013

දවසට $1000ක් හොයන්න make $1000 daily

මම අද මේ මාතෘකාව යොදා ගත්තේ දවසට $1000ක් හොයන්න කියල දෙන්න නෙවෙයි.ඔයාලගේ සල්ලි ඉතිරි කරලා දෙන්න.ඔයාල මේ මම උඩින්ම දාලා තියෙනවා වගේ දැන්වීම් දැකලා ඇති.සමහරවිට ඒ වගේ ඒවාට රැවටිලත් ඇති. ඔයාට කවදාවත් මේ දැන්වීම් වල තියෙනවා වගේ දවසට ලොකු ගානක් හොයන්න පුලුවන්ද කියන ප්‍රශ්නය ඇවිල්ල නැද්ද?මීට අවුරුදු ගානකට කලින් මමත් ඔයවගේ දැන්වීම් නිසා දහස්ගානක් නැතිකරගෙන තියෙනවා.දවසට නෙට් එකෙන් දාහක් හොයන්න පුලුවන්ද?පුළුවන්,එත් ඒ ඔයාට නෙවෙයි.ඔය දැන්වීම නෙට් එකට දාපු කෙනාට.ඒ කොහොමද?



මෙහෙමයි,කවුරුහරි කෙනෙක් නෙට් එකේ දැනට පාවිච්චිකරන,සල්ලි හොයන්න පුළුවන් මොනවහරි ක්‍රම කීපයක් ගැන E-book එකක් ලියනවා.ඊට පස්සේ Neobux හරි එහෙම නැතිනම් වෙන මොකක්හරි පොඩි ගානකට advertise කරන්න පුළුවන් වෙබ් සයිට් එකක් පාවිච්චි කරලා අර ලියපු Ebook එක නෙට් එකට දානවා.එහෙම නැතිනම් තමන්ටම කියලා පොඩි වෙබ් සයිට් එකක් හදලා ඒකට OPGW (මුදල් ගෙවන ක්‍රමයක් )එකක් ලින්ක් කරනවා. $10ක් ගෙවලා දැන්වීම් දානවා.අපි හිතමුකෝ Ebook එක විකුනන්නේ $5 කියලා,පලවෙනි දවසේ Ebooks 10 විකිනෙනවා.හොයපු ගැන  $50 ඒකෙන් ලාබය $40 ඒකෙනුත් තව $20 ක් වියදම් කරලා තව දැන්වීම් දානවා. දවසේ Ebooks 50 විකිණෙනවා.හොයන ගාන $250 ලාභය $230 කොහොමද ලාභය? ඔහොම මාසයක් විතර දැන්වීම් ටිකක් දාලා දවසට විකුණන Ebooks ප්‍රමාණය වැඩි කරනවා.මාස දෙකක් විතර යනකොට අර Ebook එක ලියපු කෙනා දවසට ඩොලර් දහස් ගානක් හොයන කෙනෙක් බවට පත්වෙනවා.Ebook එක  ගත්ත කෙනා හාවෙක් නම් තව දෙතුන් පාරක්වත් ඔයවගේ මෝඩ වැඩ කරයි,හාවෙක් කියන්නේ නෙට් එකට අලුත් කෙනෙක්ට.ඊට පස්සේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න බෑ කියල වෙන දෙයකට යයි.අර Ebook විකුණන කෙනා හැමදාම දහස් ගානක් හොයයි.


ඔයාටත් මේ වැඩේ හොඳට කරන්න පුලුවන්නම් ඔයාටත් දවසට $1000 ක් නෙවෙයි ඊටත් වැඩියෙන් හොයන්න පුළුවන්.මොකක්ද වැඩේ හොඳට කරනවා කිව්වේ?මෙහෙමයි ඔයා දැකල තියෙනවනේ පිටකොටුවේ බඩු  විකුණන අය.කොහෙන්හරි ගේන කුණු ගොඩක් ලාබ  තියාගෙන විකුනන්න ඒ අයට පුලුවන්.අන්න එහෙම විකුණන එකටයි හොඳට විකුනනවා කියන්නේ.ඔයාටත් හොඳට හිතන්න පුලුවන්නම් ඔයත් ඉක්මනින් ලොකු සල්ලි කාරයෙක්.මතක තියාගන්න.

0 comments:

Post a Comment