Saturday, May 17, 2014

ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීම් වේගවත් කරමු!

ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීම් වේගවත් කරමු!

ඉතින් යහළුවනේ කොහොමද? මම හිතුවා සොෆ්ට්වෙයා නොමිලේම සිංහලින්ම දෙන එකේ, ඒවටත් අමතරව ඔබගේ පරිගණකයේ එදිනෙදා මතුවෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුමත් ලබා දීමටය.මම හිතනවා එයට අපගේ මිතුරන්ගෙන් අකමැත්තක් නැති වෙයි කියලා.හරි අපි හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා.නමුත් ලංකාවේ අපිට ලැබෙන ඉන්ටර්නෙට් බ්‍රව්සින්ග් වේගය අඩුයි.


ඒ මදිවට ඒ එන වේගයත් පරිගණකය මගින් යම්තාක් දුරට මන්දගාමී කරලා තමයි අපිට ලැබෙන්නේ.ඉතින් ඒ මන්දගාමී කරන ඒක නැති කරගෙන අපගේ අන්තර්ජාල පහසුකම ලබා දෙන සේවා ආයතනය මගින් ලබා දෙන වේගයම ලබාගැනීමට පුළුවන්.ඒ සදහා පහතින් සරලව රූප සටහන් මගින් දක්වා ඇති පිළිවෙල අනුගමනය කරන්න.
පළමුව ඔබ Run box ඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න.

User Account Panel box ඒක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට වින්ඩොව් එකක් ලැබෙයි.එහි Computer Configuration හි ඇති Administrative Template කියන ඒක තෝරාගන්න.
එහිදී ලැබෙන වින්ඩොව් ඒකෙන් Network යන ඒක තෝරාගන්න.

ඉන්පසුව ලැබෙන වින්ඩොව් ඒකෙන් Qos Packet Scheduler කියන ඒක තෝරාගන්න.
ඔබට ලැබෙන වින්ඩොව් එකේ ඇති Limit reservable bandwidth කියන ඒක Double ක්ලික් කරන්න.
ඊළගට වින්ඩොව් එකක් විවෘත වේ.එහි Limit reservable bandwidth කියන ඒක Not Configured ලෙස ලකුණු වී ඇත.

එය Enable ලෙස තෝරාගන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන ඒක 20 ලෙස සදහන් වී ඇති අතර, එය 0 ලෙස වෙනස් කොට Apply කර OK කරන්න.
දැන් ඔබ විවෘත වූ අනිකුත් වින්ඩෝව වසා දමා අන්තර්ජාලය හා සම්බන්ද වී බලන්න.ලොකු වෙනසක් නොදැනුනාට යම් පමණකින් ඔබගේ අන්තර්ජාලයේ සැරිසැරීමේ වේගය වැඩි වී ඇත.

0 comments:

Post a Comment