Saturday, May 17, 2014

ලොක් කරලා තියන ලෑන්ඩ් ෆෝන් එකකින් කෝල් ගන්න හැටි

ලොක් කරලා තියන ලෑන්ඩ් ෆෝන් එකකින් කෝල් ගන්න හැටි..

මෙහෙමයි වැඩේ කරන්නෙ.. අපිට කෝල් කරන්න ඕන නොම්බර් එකේ එක එක ඉලක්කමේ වටිනාකම අනුව අර රිසීවර් එක තිය තැන තියන කට් කරන එක ඔබන්න ඕන. තේරෙන්නේ නෑ නේ. මටත් හිතුන.. :-ඩ් ඩ්. මෙහෙමයි වටිනාකම කියන්නේ අංක 2 ඔබන්න ඕනනම් ඒ කට් කරන තැන දෙපාරක් ඔබන්න ඕන. අංක 5 ඔබන්න ඕනනම් කට් කරන තැන පස් පාරක් ඔබන්න ඕන. දැන් අහයි ඔය විදිහට 0 ඔබන්නේ කොහොමද කියලා. මෙහෙමයි 0 ඔබන්න කට් කරන තැන දහ පාරක් ඔබන්න ඕන.


මේ කට් කරන තැන ඔබනකොට එක දිගට වේගෙන් ඔබාගෙන ඔබාගෙන යන්න. තව දෙයක් එක නම්බර් එකක් ඔබල ඊලග එක ඔබන්න කලින් තත්පර දෙකක් විතර නිකන් ඉදල ඊලග එක ඔබන්න හරිද.

උදා: අපි 0118123456 ට කෝල් එකක් ගන්න විදිහ බලමු.. (මෙහෙම නම්බර් එකක් නැ හොදේ. නැත්නම් ඉතින් ඒකටත් call කරයි. :-ඩ්)

0 - දහ පාරක් ඔබනවා, තත්පර 2ක් ඉන්නවා.
1 - එක පාරක් ඔබනවා, තත්පර 2ක් ඉන්නවා.
1 - එක පාරක් ඔබනවා, තත්පර 2ක් ඉන්නවා.
8 - අට පාරක් ඔබනවා, තත්පර 2ක් ඉන්නවා.
1 - එක පාරක් ඔබනවා, තත්පර 2ක් ඉන්නවා.
2 - දෙපාරක් ඔබනවා, තත්පර 2ක් ඉන්නවා.
3 - තුන් පාරක් ඔබනවා, තත්පර 2ක් ඉන්නවා.
4 - හතර පාරක් ඔබනවා, තත්පර 2ක් ඉන්නවා.
5 - පස් පාරක් ඔබනවා, තත්පර 2ක් ඉන්නවා.
6 - හය පාරක් ඔබනවා. කෝල් එක යනකන් ඉන්නවා.

එයි වැඩේ හරි මෙන්න කෝල් එක යනවෝ... (නෑ නෑ යන්නෙ නෑ ඔබ ඇමතු අංකය වැරදියි කියනවා)

එහෙනම් මෙන්න මම හොයා ගත්ත ක්‍රමේ. මේකනම් අරකට වඩා ටිකක් ලේසියි. මෙහෙමයි කරන්නේ.

ඔයාලගේ මොබයිල් ෆෝන් (එහෙම එකක් දැන් හැම එකාටම තියනවනේ.) එක අරගෙන එකේ Key pad Sound වැඩි කරන්න. ඒ කියන්නේ එකේ අංක ඔබනකොට සද්දේ හොදට හයියෙන් ඇහෙන්න ඕන හරී. මම නම් ගත්තේ Sony Ericsson ෆෝන් එකක් එකෙන් වැඩේ හොදට කරන්න පුළුවන්. Nokia ෆෝන් වල Key pad Sound වැඩි කරත් හයියෙන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් එකට කරන්න තියෙන්නේ Call Center එකට කෝල් එකක් අරගෙන. (Call Center එකට කෝල් කරන්නේ එකට සල්ලි කැපෙන්නේ නැති නිසා හොදේ) loud speaker දාන්න එතකොට ඇහෙනවනේ. ඒත් ඒ වැඩේනම් එච්චර සාර්ථක නැ හොදේ. මට නම් Sony Ericsson ෆෝන් එක තමයි ලෙසටම හරිගියේ.

එහෙනම් දැන් කරන විදිහ කියන්නම්කො.. මෙහෙමයි කරන්නේ මොබයිල් ෆෝන් එකේ Key pad Sound වැඩිකරලා එකේ speaker එක (ඒ කියන්නේ මොබයිල් ෆෝන් එකේ සද්දේ එන තැන :-ඩ්) ලෑන්ඩ් ෆෝන් එකේ mic එකට ලං කරලා ඔයාට කෝල් කරන්න ඕන නම්බර් එක මොබයිල් ෆෝන් එකේ ඔබන්න. එච්චරයි. ගින්දර වගේ ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එක යයි. මැජික් වගේ නේද..මැජික් නෙවෙයි මේක සිරා වැඩක්..

ඔන්න ඔහොමයි කතන්දරේ. එහෙනම් ඕන් අපිත් ගියා. මේ මේ කියවලා නිකන්ම යන එක හරි නෑ නේ.. මේක වැදගත් උනානම් කොමෙන්ටුවකුත් ලයික් එහෙම දාලම ගියානම්.. මේ ගැන ප්‍රශ්න එහෙම තියනවනම් ඒවත් අහන්න..

ස්තුතියි!
Mala


0 comments:

Post a Comment